Home » තවත් ඇතින්නියක් වෙඩි පහරින් මරුට

තවත් ඇතින්නියක් වෙඩි පහරින් මරුට

by yasara
October 3, 2023 1:53 pm 0 comment

කැකිරාව වෙරුම්කුලම ප්‍රදේශයේ වෙල්‍ යායේ සැරිසැරූ වන අලියෙකුට (කෙනරක්) අද  අලුයම (03) කිසියම් අයෙකු විසින් වෙඩිතබා  ඝාතනය කර තිබේ.

මිය ගිය කෙනර වයස අවුරුදු 10-15 ත් අතර වෙතැයි ගනෙවැල්පොල වනජීවී නිලධාරීන් පවසති.

ප්‍රදේශවාසීන් පැවසූයේ ඊයේ අළුයම් කාලයේ වන අලියෙකු දැඩි ශබ්දයෙන් කෑ ගැසූ බව තමන්ට ශ්‍රවණය වූ බවයි.

සිද්ධිය සම්භන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්තඩංගුවට ගෙන නොමැත.

ගනෙවැල්පොල වනජීවී කාර්යාලය හා කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT