Home » සංගීත ලෝකය පෙරලීයක් කළ සංජිව්ගේ ප්‍රසංගය

සංගීත ලෝකය පෙරලීයක් කළ සංජිව්ගේ ප්‍රසංගය

by yasara
October 3, 2023 11:41 am 0 comment

Amu news

පිට කවරේ අමු ගීතය තුළින් සංගීත ලෝකයේ පෙරලියක් ඇති කරමින් නව ආරක ගීත සම්ප්‍රදායක් කලා ලොවට දායාද කළ සංජීව් ලෝන්ලියස්ගේ නවතම සංගීත ප්‍රසංගය පසුගිය (30) වැනිදා මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී අති සාර්ථකව පැවැත්විණි.

අතිවිශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීවීමෙන් පැවැත් වූ මෙම ප්‍රසංගයට කලා ලෝකයේ තරු රැසක් සහභාගී වීම විශේෂත්වයක් විය

සිලෝන් ලාගෝස් එන්ටටේයින්මන්ට් (Ceylon Lagos Entertainment) ආයතනයේ සහ මහරගම තරුණ සේවා සභාවේ සහයෝගිතා අනුග්‍රහය  පැවැත්වූ මෙම ප්‍රසංගය සඳහා මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස් ආයතනය ) දැක්වීය.

සංගීත භාණ්ඩ පිරිවරාගත් ප්‍රසංග කලාවෙන් එහා ගොස් තබ්ලාව හා ගිටාරය පමණක් භාවිතා කරමින් අලංකාර භාවාත්මක නර්ථන විලාශයක් (Dancing Choreography )  භාවිතා කිරීම මෙම ප්‍රසංගය පුරා දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් විය

දිවයිනේ  විවිධ ප්‍රදේශ වලින් පැමිණි ප්‍රේක්ෂක රසික පිරිස මිළ දී ගත් ප්‍රවේශ පත්‍ර වල ආදායමෙන් මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම ද මෙම ප්‍රසංගය අතරතුර සිදුවිය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ පසිඳු ගුණරත්න මහතා ,හිටපු අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ,අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ,ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පාලන මනුල  චමල් පෙරේරා මහතා ,ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දැන්වීම් චින්තක ප්‍රසන්න යාපා මහතා සහ සිලෝන් ලාගෝස් එන්ටටේයින්මන්ට් ආයතනයේ  සභාපති රන්ජන් නාරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම ප්‍රසංගයට සහාභාගී විය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT