Home » 74වැනි යුද හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කිතුනු දේවමෙහෙයක්

74වැනි යුද හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කිතුනු දේවමෙහෙයක්

by chanaka
October 4, 2023 4:03 pm 0 comment

74 වැනි යුද හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (03) සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා සහභාගී වූ මෙම ආශීර්වාද දේවමෙහෙය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද හමුදාපතිවරයා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ සහ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර විසින් පිළිගනු ලැබීය.

උත්සවය ආරම්භයේදී කොළඹ අගරදගුරු පදවියේ සහකාර රදගුරුතුමා විසින් පවත්වන ලද විශේෂ දිව්‍ය පූජාව සහ තුති පුද කිරීමේ දේව මෙහෙය ආරම්භ කල අතර, එහිදී භටපිරිස් විසින් යුද්ධ හමුදා ධජය, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ධජය සහ අනෙකුත් සියළු රෙජිමේන්තු ධජයන් ඉතා ගෞරවයෙන් රැගෙන විත් අල්තාරය පාමුල තැබීමෙන් අනතුරුව, සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සේවයේ නියුතු සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ට මෙන්ම යුද්ධ හමුදා ධජය සහ අනෙකුත් සියලු ධජයන් වෙත ආශිර්වාද ගන්වන ලදී.

එම අවස්ථාවේදී, කොළඹ ලංකා පල්ලියේ හිටපු ක්‍රිෂාන්ත මෙන්ඩිස් පියතුමා ශුද්ධ වු දිව්‍ය පූජාව සිදුකරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදන් වූ විරෝදාර රණවිරුවන්ටත්, යුද්ධයේදී හා අනෙක් අවස්ථාවන්හීදී තුවාල ලැබු රණවිරුවන්ටත් ඉක්මන් සුවය පතමින් දේව ආශිර්වාද එක් කරන ලද අතර, එහිදී පූජකතුමන්ලා විසින් යුද්ධ හමුදා කාර්යභාර්යයද ඇගයීමට ලක්කලේය.

දේව මෙහෙය අවසානයේදී, ජනතාවගේ ආධ්‍යාත්මික සුවය, සංහිඳියාව සහ සාමය ඇතිකිරීම උදෙසා මෙම දේවස්ථානය විසින් සිදුකරනු ලබන ආගමික සේවාව අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රදගුරුතුමන් වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබූහ.

මෙම ආශීර්වාද දේව මෙහෙය සඳහා ශ්‍රී ලංකා බැප්ටිස්ට් සභාවේ හිටපු සභාපති හේෂාන් ද සිල්වා පියතුමා, ජූඩ් ෂාමන් ප්‍රනාන්දු පියතුමා, නුගේගොඩ මෙතෝදිස්ත දේවස්ථානයේ සුරංගික ප්‍රනාන්දු පියතුමා, කොළඹ ලංකා පල්ලියේ හිටපු ක්‍රිෂාන්ත මෙන්ඩිස් පියතුමා, සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT