Home » මඩේ එරුනු අලි පැටවා බේරා ගත් මෙහෙයුම

මඩේ එරුනු අලි පැටවා බේරා ගත් මෙහෙයුම

by chanaka
October 4, 2023 4:09 pm 0 comment

මඩේ එරුනු වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ ගැණුනි. කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී වන අලි පැටවකු අද (04) හමුව තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා අනුරාධපුර පශුවෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලියා ගොඩගැනීමට මෙහෙයුමක් ආරම්භ කළේය.

එම වන අලි පැටවා තරමක දුර්වල මට්ටමක සිටීම නිසාවෙන් ගොඩට ගැනීමට පෙර ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරණු ලැබීය. ඉන් අනතුරුව මහත් පරීක්ෂමයක් දරමින් කඹයක් ආධාරයෙන් පැටවා ගොඩට ගැනීමට කටයුතු කර අතර පසුව රක්ෂිතයට පලවා හරිණු ලැබීය.

මෙම වන අලි පැටවා කැකිරාව වෙරුන්කුලම ප්‍රදේශයේම වෙඩි තැබීමකින් මිය කෙනරගේ පැටවකු බව වනජීවි නිලධාරීන් සැක පල කරයි.

‍තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT