Home » අලුත්ගම කන්දේ විහාරයේදී ධාතු වන්දනාවක්

අලුත්ගම කන්දේ විහාරයේදී ධාතු වන්දනාවක්

by sachintha
October 4, 2023 1:02 am 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණය කෙරෙන දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය විශේෂ ජංගම රථයක සිට අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරයේ දී අද (4) සහ හෙට(5) දින පෙරවරුව තෙක් බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි යුද හමුදා ආගමික ඒකකය සඳහන් කරයි.
අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා මත එම ධාතුන් වහන්සේලා හා චූඩා මාණික්‍යය වැඩම කර කන්දේ විහාර පුදබිමේදී බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට ඉඩ සලස්වා ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.
එම ධාතුන් වහන්සේලා කන්දේ විහාරේ උඩමළුවේදී වැඳ පුදා ගැනීමට හැකි යැයි එම පින්කම් කටයුතු සිදු කරන යුද හමුදා උසස් නිලධාරියෙකු ද සඳහන් ක‍ෙළ්ය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ ඊයේ (3) දින බැතිමතුන් අලුත්ගම කන්දේ විහාරයේදී එම පින්කමට එක්ව සිටි ආකාරය.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT