549
ප්‍රාදේශීය සිසු නිපුණතා 2023 තරගාවලියේ මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 43ක් අතුරින් අඛණ්ඩව 12 වන වරටත් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී සුදර්ශන දහම් පාසල සමත් වී ඇත.
තම ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීමෙන් හා සිසුන්ගේ සහ දෙමාපියන්ගේ කැපවීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවූ බව ශ්‍රී සුදර්ශන දහම් පාසලේ ප්‍රධානාචාර්ය මල්ලිකා අබේරත්න මහත්මිය පැවසීය.
* සිසු නිපුණතා 2023 තරගාවලියේ මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී සුදර්ශන දහම් පාසලේ සිසු සිසුවියන් ඡායාරූපයෙන් දැක්වේ.
මතුගම සමූහ – බී.ටී. තඹවිට