Sunday, May 11, 2025
Home » නව පත්වීම් කිහිපයකට සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව පත්වීම් කිහිපයකට සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

by yasara
October 5, 2023 11:24 am 0 comment

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 7ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපති ලෙස එම්.ඊ.එම්. වෙනින්ගර් මහත්මියගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ලෙස ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්.එම.බී.පී. හේරත් මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

තවද ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ පත්වීමටද, ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේ මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බී.එම්.එල්. පතිරණ මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අයි.එස්. විජේසේකර මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් විය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු,  අනුර ප්‍රියදර්ශන යාපා සහ  ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහභාගී වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT