685
ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඉමා නමැති තරුණිය අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
කළණ නැමැත්තා ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු බව ද සඳහන් වෙයි
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව එඩේරමුල්ල පදිංචි 27 හැවිරිදි තරුණියෙකි
ඇය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙයි.
ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ කළණ නැමැත්තාගේ උපදෙස් පරිදි පසුගිය ජුලි මස 14 වනදා දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබීමට හා අගෝස්තු 12 වනදා මීගමුවේ සිදු කළ වෙඩි තැබීමට අවශ්‍ය ගිනි අවිය ඇය රැගෙන ගොස් ඇත