Thursday, May 15, 2025
Home » ETF – EPF ඒකාබද්ධ කිරීමේ වැඩපිලිවෙල ගැන පැහැදිලි කිරීමක්

ETF – EPF ඒකාබද්ධ කිරීමේ වැඩපිලිවෙල ගැන පැහැදිලි කිරීමක්

by chanaka
October 5, 2023 12:34 pm 0 comment

ETF හා EPF අරමුදල් ඒකාබද්ධ කොට එක් අරමුදලක් බවට පත් කිරීමට යෝජනා වී ඇති පසුබිමක එම අරමුදල් ද්විත්වය ඒකාබද්ධ කිරීමෙන් අපේක්ෂා කරන්නේ වඩාත් සුරක්ෂිත හා ඵලදායී ආයෝජන කළ හැකි අරමුදලක් බවට පත්කොට පවත්වාගෙන යාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේදී අද(05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අරමුදල් ද්විත්වය ඒකාබද්ධ කොට පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් වී ඇති විපක්ෂ යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ වඩාත් ඵලදායි ආයෝජන වල යෙදවීම මගින් එම අරමුදල් වල සාමාජිකයන්ට තව තවත් ප්‍රතිලාභ ලබාදීමට හැකිවන බවයි. වඩාත් නවීන කළමණාකාරීත්වයක් තුළින් අදට වඩා හෙට දිනයේදී ලබාදීම මෙහි අවසන් අරමුණ බවද ඔහු කියා සිටියේය.

මූල්‍ය ආයෝජනය පිලිබඳව වඩාත් දැනුවත් භාවයක් තිබෙන කළමණාකාරීත්වයක සහාය මෙම අරමුදල් ආයෝජනය සඳහා ලබාගත හැකිවනු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT