Home » උඩරට ද්‍රවිඩ ප්‍රජාවට පහසුකම් ලබාදීමේ ප්‍රමාදයන් වළක්වන්න – අගමැති

උඩරට ද්‍රවිඩ ප්‍රජාවට පහසුකම් ලබාදීමේ ප්‍රමාදයන් වළක්වන්න – අගමැති

by chanaka
October 5, 2023 3:18 pm 0 comment

උඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම ජනතාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උඩරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නව ප්‍රජාවගේ ලාංඡනයක් එළිදැක්වීම සඳහා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අද (05) පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

දශක ගණනාවකට පෙර වතු කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමට වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සාහ කළ විට වාමාංශික නායකයින් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන වාමාංශීක නායකයින්ව යුරෝපීය වතු හිමියන් විසින් එළවා දැමූ බවත් ඉන් නොසැලුනු ඔවුන් වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අවශ්‍ය අරමුණු කරා ගිය බවත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා යටත් විජිත පාලකයන් විසින් මුල්ඔය විරෝධතාව සහ යුරෝපීය වැවිලිකරු බ්‍රෙස්ග්‍රඩ්ල් පලවා හැරීමේ උත්සාහය අරගලයේ සන්ධිස්ථාන බව සිහිපත් කළේය.

සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඇතුළු ඉන්දීය සම්භවයක් ඇති ප්‍රජා නායකයින් වසර ගණනාවක් පුරා කම්කරුවන් සඳහා අයිතීන් රැසක් දිනා දීමට සමත් වූ බවත් ජීවන් තොණ්ඩමන්, සෙන්තිල් තොණ්ඩමන් වැනි නව පරපුරේ නායකයන් රජය සමඟ සක්‍රීය සහයෝගයෙන් උඩරට ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, ආණ්ඩුකාර සෙන්තිල් තෝණඩමන්, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක එල්ඩෝස් මැතිව්ස්, අමාත්‍යාංශ ලේකම්, නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT