Thursday, May 15, 2025
Home » ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුවට තවත් පිරිසක් යයි

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුවට තවත් පිරිසක් යයි

by chanaka
October 5, 2023 12:42 pm 0 comment

සීමාවාසික තාක්ෂණික පුහුණුලාභීන් ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 15 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, ඊයේ (04) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුවිය.

මෙම පිරිසට වසර 3ක පුහුණු කාලසීමාවක් සඳහා ගිවිසුම් ලැබී තිබෙන අතර, එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 5 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 10 දෙනෙකු අයත්වේ.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වර්ෂයේ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රි ලාංකිකයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් වශයෙන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 400ට අධික පිරිසක් ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවති.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු) පී.ජී.ජී.එස් යාපා මහතා, බඳවාගැනීම් (සාමාන්‍ය) අංශයේ කළමනාකරු චිත්‍රානි මංගලිකා මහත්මිය සහ IM Japan ආයතනයේ ශ්‍රි ලංකා කාර්යාලයේ නියෝජිතයන්ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT