647
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි
ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි
මෙම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ,නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ ,ඉංගිරිය ,වලල්ලාවිට ,මතුගම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ,රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශ වලට මේ වන විට තුන්වන මට්ටමේ නායයයෑම් අනතුරු නිකුත් කර ඇත