Saturday, May 17, 2025
Home » විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට

by chanaka
October 7, 2023 10:54 am 0 comment

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

2022 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් එවා ඇති අතර, ඒ අනුව 2023 වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් පෙර වර්ෂය හා සැසඳීමේදී 74.4%න් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ අගොස්තු මාසයේදී පමණක් ශ්‍රමිකයින් දිවයිනට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට එවා ඇත. එම මාස 2 සැසදීමේදී මෙම අගෝස්තු මාසයේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් 53.4% කින් ඉහළ ගොස් තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් සුභසාධන පහසුකම් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් දිවයිනට මුදල් එවීමට පෙළඹී තිබේ.

නීත්‍යානුකූලව බැංකු පද්ධතිය ඔස්සේ දිවයිනට මුදල් එවන ශ්‍රමිකයින් සඳහා තමන් එවන මුදල් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදෙන අතර, භාණ්ඩ මිළදී ගැනීම සඳහා තීරුබදු සහනයන්ද ලබාදෙයි. කලක් තිස්සේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සිහිනයක්ව පැවති විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමටද කටයුතු කරන ලද අතර, ඒ අනුව මනු සවි දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වේ.

එසේම විදේශ රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය මුදල් සපයාගැනීම වෙනුවෙන් කාර්යාංශය මැදිහත් වී පෙර විගමණික ණය පහසුකම්ද ලබාදෙන අතර, ඉදිරියේදී විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට ගුවන් තොටුපොලේදී අවශ්‍ය සහය ලබාදීම හා සිය කාර්යයන් පහසුවෙන් සිදුකර ගැනීම සඳහා Hope Gate නමින් විශේෂ ද්වාරයක්ද ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT