Saturday, May 17, 2025
Home » ‘කොට සුපුන්’ වෙඩි හුවමාරුවකින් මිය යයි

‘කොට සුපුන්’ වෙඩි හුවමාරුවකින් මිය යයි

by chanaka
October 7, 2023 11:01 am 0 comment

shoot Gun

පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු වන ‘කොට සුපුන්’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදු කළ වෙඩි හුවමාරුකදී මිය ගොස් ඇත.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

වග ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම අතරතුර සැකකරු ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

එම නිලධාරීන් ද පෙරලා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

සැකකරු රැඳී සිටි නිවස පරික්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයා ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT