Friday, May 16, 2025
Home » මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා හා අඟහරුවාදා නිවාඩු

මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා හා අඟහරුවාදා නිවාඩු

by chanaka
October 7, 2023 11:59 am 0 comment

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ලබන සඳුදා (09) හා අඟහරුවාදා (10) දිනයන්හිදී දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසා තැබීමට පියවර ගැනේ.

අද (07) දහවල් රැස්වූ මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණය කමිටුවේදි මෙම තීරණය ගත් බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාරවර විලී ගමගේ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමෙන්තු මන්ත්‍රී නිපුන රණවක, මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ගාමිණී ජයසේකර ශ්‍රවනාගාරයේදී රැසිවීම පැවැත්විණි.

අධික වැසි සහති කාලගුණික තත්වයත් සමග දිස්ත්‍රික්කයට බලාපා ඇති ආපාදා තත්වය මත පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදීද දිස්ත්‍රික් ආපාදා කළමනාකරණ කමිටුවේ තීරණය මත දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසා තබනු ලැබිය.

ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT