Friday, May 16, 2025
Home » වාර්තාවක් තියන්න ගොස් මුහුදේදී අනතුරට ලක්වූ තරුණයා බේරා ගැනේ

වාර්තාවක් තියන්න ගොස් මුහුදේදී අනතුරට ලක්වූ තරුණයා බේරා ගැනේ

by chanaka
October 7, 2023 11:11 am 0 comment

පැසිෆික් සාගරය හරහා ගමන් කර වයසින් අඩුම තැනැත්තා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් තැබීමට ගොස් අනතුරකට ලක්වූ බ්‍රිස්බන් පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බේරාගෙන තිබේ.

වනවාටු දිවයින ආසන්නයේදී මගී ප්‍රවාහන නෞකාවක් විසින් ඔහු ගලවාගෙන ඇතැයි Ausලංකා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

පේරු රාජ්‍යයේ සිට ඔස්ට්‍රේලියාව දක්වා රුවල් ඔරුවකින් ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය.

පැය 13 කට ආසන්න කාලයක් මෙම තරුණයා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබූ බව සදහන් වේ.

මේ වනවිට ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT