Home » ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ගිලන්රථ 06කින් සමන්විත වෛද්‍ය ඒකකයක්

ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ගිලන්රථ 06කින් සමන්විත වෛද්‍ය ඒකකයක්

by chanaka
October 7, 2023 12:20 pm 0 comment

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඉන්දියාවේ කේ ඩී රෝහල විසින් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පූර්ණ වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ගුජරාට් ක්‍රිකට් සංගමයේ (GCA) සහයෝගීතාවයෙන් ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙලෙස පූර්ණ වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇති බවය.

ඒ අනුව ක්‍රීඩාංගනයේ ඕනෑම සෞඛ්‍ය හදිසි අවශ්‍යතාවයකට භාවිත කිරීමට පහසුකම් සලසා ඇත. එසේම යම් රෝගියෙකු අවශ්‍ය නම් රොහලක් වෙත මාරු කිරීමට පෙර කුඩා දැඩි සත්කාර ඒකකයක් ද මෙහි ස්ථාපිත බව සදහන් කෙරේ.

එසේම ක්‍රීඩාංගනයේ යොදවා ඇති ගිලන්රථ 6 ද හදිසි ප්‍රතිකාර සඳහා සපයා ඇති බව නිලධාරීහු පවසති.

මෙම පූර්ණ වෛද්‍ය ඒකකය පළපුරුදු වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන් කණ්ඩායමක් සහිත නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සියලුම තරඟවෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT