Sunday, May 18, 2025
Home » චීන ජනපතිගේ ගෝලීය මුලපිරුම් නේපාල අගමැතිගේ පැසසුමට

චීන ජනපතිගේ ගෝලීය මුලපිරුම් නේපාල අගමැතිගේ පැසසුමට

by chanaka
October 7, 2023 9:27 am 0 comment

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරීම් තුනේ ඉතා වැදගත් සංකල්ප අන්තර්ගත වන බව නේපාල අගමැති පුෂ්ප කමල් දහල් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීනයේ හංචොව් නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වූ නේපාල අගමැතිවරයා චීන ජනාධිපතිවරයා සමග හමුවකට ද එක්විය.

දෙරට පොදු ජයග්‍රහණ ඉහළ නැංවීම පිළිබඳව තමා ෂී ජින්පිං මහතා සමග ‍ එහිදී සාකච්ඡා කළ බව හෙතෙම කියා සිටියේය. එමෙන්ම නේපාලයේ ආර්ථීක සංවර්ධනයේ දී කුමන ආකාරයේ සහයක් ලබාගත යුතු ද, ඊට සුදුසු කොන්දේසි නිර්මාණය කළ යුත්තේ කෙසේද යන කරුණු සම්බන්ධයෙන් ද එහිදී  අවධානය යොමු ව තිබේ.

ගුවන් සේවා , දුම්රිය මාර්ග, මහාමාර්ග හා විදුලිබල යන ක්ෂේත්‍රයන් හි සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද නේපාල අගමැතිවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT