Home » නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට උසස් වීම්

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට උසස් වීම්

by chanaka
October 7, 2023 11:56 am 0 comment

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට 2023. 09. 27 දින සිට ක්‍රියාත්මකවන පරිදි උසස් කර තිබේ.

ඒ් අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

එමෙන්ම අපරාධ දිසාව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න මහතා ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT