Saturday, May 10, 2025
Home » IMF සමුළුව, ශ්‍රී ලංකාවේ විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක්

IMF සමුළුව, ශ්‍රී ලංකාවේ විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක්

by chanaka
October 8, 2023 10:20 am 0 comment

ලෝකය පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදු වෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම හෙට (09) මොරොක්කෝවේ මරකේච් හි දී ආරම්භ වේ. ලබන 15වැනිදා දක්වා පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීහු සේ ම රටවල් රැසක මුදල් අමාත්‍යවරු, මහබැංකු අධිපතිවරු හා නිලධාරීහු ද එක් වෙති.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සදහා සහභාගී වී සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT