ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 12 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.
අවසන් කටයුතු එදින පස්වරු 03.00 රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතය.
මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය හෙට (ඔක්තෝබර් 10) උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින
90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරේ.
2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ, අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීය.
එහිදී බරපතල තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබීය.
අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 14ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) අළුයම අභාවප්‍රාප්ත විය.