Home » ටික් ටොක් සංදර්ශනයට ගිය ඔරුව පෙරලී දෙදෙනෙකු මරුට

ටික් ටොක් සංදර්ශනයට ගිය ඔරුව පෙරලී දෙදෙනෙකු මරුට

by yasara
October 9, 2023 11:16 am 0 comment

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නාවලඩි ප්‍රදේශයේ ටික් ටොක් සංදර්ශනය සඳහා පටිගත කිරීමට ඔරුවක ගමන් කළ පුද්ගලයින් ඔරුව පෙරලීමෙන් අනතුරට ලක් වී තිබෙයි.

මෙම අනතුර වන විට ඔරුව තුළ පුද්ගලයින් 06 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ මරණයට පත් වී ඇත.

අනතුරින් 04 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයන් වන අතර ඔවුන් ටික් ටොක් සංදර්ශනයක් නිෂ්පාදනය කිරීම සඳහා ඔරුවකින් ගමන් කරමින් සිටිය තිබෙයි

කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT