දකුණු ඊශ්‍රාලයේ ප්‍රහාරවලින් තුවාල ලැබු සුජිත් ප්‍රියංකර නැමති ශ්‍රී ලාංකිකයාගේ තත්වය බරපතල නොවන බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඊශ්‍රායල් හමුදාවේ සහාය ඇතිව ප්‍රියංකර මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව තානාපතිවරයා සඳහන් කළේය. ඔහු දැනට “බ්‍රාසීලායි” වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
තුවාල ලැබු සුජිත් ප්‍රියංකර මහතා ආරක්ෂා සහිතව ඉවත් කර ගැනීමට ඔහු සේවය කළ හෝටලයේ හිමිකරු මෙන්ම ගිලන්රථ සේවාවෙන් සහය හිමිවු බව තානාපතිවරයා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර, තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ තොරතුරු නොමැති බව වාර්තා වන අතර, ඔහු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් එසේ නොමැති වුවහොත් රතුකුරුස සංවිධානයට ඒ පිළිබඳව විමසීමට ක්‍රියා කරන බව ශ්‍රී ලංකාවේ එරට තානාපති කාර්යාලය කියා සිටියි.
රතුකුරුස සංවිධානය රැගෙන ගිය පිරිස අතර ඔහු සිටියේද යන්න තහවුරු කර ගැනීමට ක්‍රියා කරන බව එම කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලයීය සේවකයින් ශ්‍රී ලාංකියන් පිළිබඳ සොයා බැලීමේ නිරතව සිටියි. සෙසු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සිටින බව වාර්තා වේ.