Home » බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක්

by chanaka
October 9, 2023 4:18 pm 0 comment

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී තිබේ.

එතෙක් දින දහයක් ඇතුළත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද උපදෙස් දී ඇත.

ඒ සමඟම දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කිරීමටත්, නව පාලමේ ඉදිකිරීම් මාස පහක් ඇතුළත අවසන් කිරීමටත් දැනුම් දී තිබේ.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිතය.

නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු අද සිට ආරම්භ කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT