Tuesday, May 6, 2025
Home » ෂාරුක්ට මරණ තර්ජන – Y+ ආරක්ෂක ආවරණයක්

ෂාරුක්ට මරණ තර්ජන – Y+ ආරක්ෂක ආවරණයක්

by chanaka
October 9, 2023 2:16 pm 0 comment

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව වැඩිකිරීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇතැයි සදහන් වේ.

ඒ අනුව මුම්බායි පොලිසිය විසින් ෂාරුක් ඛාන්ට Y+ ආරක්ෂක ආවරණයක් ලබා දී ඇත. Y+ ආරක්ෂක ආවරණයට අනුව, කමාන්ඩෝ භටයින් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ රථවාහන නිෂ්කාශන රථයක් ඇතුළුව ආරක්ෂකයින් 11 දෙනෙකු ඔහුට හිමිවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර මෙම ජනප්‍රිය නළුවා සමඟ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද පැමිණ සිටියහ.

තමාගේ “පතාන්” සහ “ජවාන්” යන චිත්‍රපට තිරගත වීමෙන් පසු මෙලෙස මරණ තර්ජන ඇමතුම් ලැබුණු බවට ෂාරුක් මහරාශ්ට්‍ර බලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT