Home » වගා ලිඳකට වැටුණු දැවැන්ත හැලකිඹුලා

වගා ලිඳකට වැටුණු දැවැන්ත හැලකිඹුලා

by chanaka
October 9, 2023 11:33 am 0 comment

මැදවච්චියේ, වාරක්කෑව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි අනාරක්ෂිත වගා ලිඳකට වැටී සිටි දැවැන්ත හැලකිඹුලෙකු පැය 03ක මෙහෙයුමකින් පසු නිරුපද්ධිතව බේරා ගැනීමට අනුරාධුපර වනජීවි කණ්ඩායම අද (09)උදෑසන කටයුතු කළේය.

දිග අඩි 10 ක් හා බර කිලෝ 300 ට ආසන්න මෙම හැලකිඹුලා සීතා රංජනී මහත්මියගේ නිවස පිටුපස තිබූ වගා ලිඳේ මීට දින කිහිපයක සිට වැටී සිට ඇත.

අනතුරුව ඒ පිළිබඳව වනජීවි නිලධාරි දැණුවත් කර ඇති අතර ඒ අනුව කිඹුලා බේරා ගැනීමේ මෙහෙයුමක් අනුරාධුපර වනජීවි අඩවි ආරක්ෂක නිලධාරි එන්.සී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ‍07 දෙනෙකුගේ කණ්ඩායමක් මැදවච්චිය පිහිටි, වාරක්කෑව ගම්මානයට පැමිණියේය. අනතුරුව පැය 03 ට ආසන්න කාලයක් දැවැන්ත පරිශ්‍රමයක් දරා මෙම කිඹුලාව බේරා ගැනීම සිදු කළේය.

මෙලෙස නිරුපද්ධිතව බේරාගත් කිඹුලා විල්පත්තු ජාතික වන උද්‍යානයට මුදා හරින බව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී පැවැසීය.

මෙම මෙහෙයුම සඳහා අඩවි ආරක්ෂක නිලධාරි එන්.සී දිසානායක, වනජීවි නිලධාරින්වන සංජය ආනන්ද, ආර්.ඩී රත්නායක, පී.කේ.එන්. සෝමතිලක, එච්.එම්. සිද්ධික්, ඩී.එම්.එස්. දිසානායක, ජී.බී.උලුක්කුලම යන කණ්ඩායම සහභාගී වූහ.

 

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT