පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බවත් එහිදී සතා සිව්පාවා, ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වන අලි ගැටලුව වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා අවස්ථාවට ඊයේ (10) එක් වෙමිනි.
මෑත කාලයේ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් මේ නිසාම තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් පවා වැඩි වීම සුබවාදී කරුණක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කීවේය.
මෙම උනන්දුවට සාපේක්ෂව විෂය තුළ භෞතික හා මානව සම්පත් වර්ධනය වී ඇත්ද යන්න බරපතළ ගැටලුවක් බවත් එම නිසා වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් හෙතෙම කිවේය.
හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කළත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම් එහි වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
එසේම වසර 10කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරිසක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර කළ යුතු බවත් මේ සඳහා අවශ්‍ය මුදල් සෙවීමට වන ජීවී දෙපාර්තමේන්තුව වන සම්පත මූලික කර ගත් ව්‍යවසායකයකු විය යුතු බවත් දෙපාර්තමේන්තුවට අයත් කඳවුරු භූමි සංචාරකයන්ට විවෘත කර ඒ තුළින් ආදායම් උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.