Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනයේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනයේ අඛණ්ඩ සහාය

by chanaka
October 11, 2023 8:42 am 0 comment

ශ්‍රී ලංකාවේ ණය ගැටලුව පිළිබඳව තම රටේ මූල්‍ය සේවා ආයතන හා ශ්‍රී ලංකා පාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡා පැවැත්වීම සඳහා අඛණ්ඩව සහාය වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිං හි ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ලබාගැනීමට සහාය වීම සඳහා, පසුගිය වසරේ සිට චීනයේ අදාළ මූල්‍ය සේවා ආයතන ශ්‍රී ලංකා පාර්ශ්වය සමග අඛණ්ඩව සමීප අදහස් හුවමාරු පවත්වා ඇත. එසේම, චීන පාර්ශ්වය නිරීක්ෂකයෙකු වශයෙන් ණයහිමියන්ගේ රැස්වීම්වලට සහභාගි වෙමින් සෙසු ණයහිමියන් සමග ද සංවාද පවත්වා තිබේ. සැප්තැම්බර් මස අග දී චීනයේ එක්සිම් බැංකුව චීනය ලබා දුන් ණය මුදල පිළිබඳව ශ්‍රී ලංකාව සමග මූලික එකඟතාවකට එළඹ තිබේ.

ණය පීඩනය ලිහිල් කර සංවර්ධනය සාක්ෂාත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා, සිය මූල්‍ය සේවා ආයතන සහ ශ්‍රී ලංකා පාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අඛණ්ඩව සහයෝගය පළකරන චීනය අදාළ සෙසු රටවල් හා ජගත් මූල්‍ය සේවා ආයතන සමග ද එක්ව ක්‍රියා කිරීමට සූදානමින් සිටී. එසේම ශ්‍රී ලංකාවේ ණයප්‍රතිව්‍යුහගත කිරීමට සහාය වෙමින් වගකීම සාධාරණව මෙන්ම එක්ව බෙදාගන්නා ලෙස චීනය බහුපාර්ශ්වික ආයතන හා වාණිජ ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT