ගුවන් යානා මෙහෙයුම් කටයුතු වලදී ඉතාම අත්‍යාවශ්‍ය කරුණක් වන ගඟන නාවික තොරතුරු සේවය කාර්යක්ෂම කිරීමට රුපියල් බිලියන 1.2 ක වියදමකින් ස්ථාපිත කල නවීන පරිගණක මෙහෙයුම් පද්ධතිය කටුනායක ගුවන් තොටුපලේදී ඊයේ (10) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විවෘත කළේය
ආරක්ෂිත , ලාභදායි සහ කාර්යක්ෂම ගුවන් ගමනකට අත්‍යවශ්‍ය වන ගඟන නාවික තොරතුරු පරිශීලනයකරන ගුවන් නියමුවන් , ගුවන් ගමන් පාලකවරුන් සහ ගුවන් සමාගම් යන පාර්ශවයන්ට තත්වයෙන් උසස් තොරතුරු ලබා දීමට මෙම පරිගණක මෙහෙයුම් පද්ධතියෙන් හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව ප්‍රංශයේ Thales සමාගම විසින් නිපදවන ලද Top Sky AIM System නම් පරිගණක පද්ධතිය ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අද දින සිට භාවිතා කරන ලබන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.
ගුවන් ගමනකදී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැලසුම (Flight Plan ) ඉදිරිපත් කිරීමේදී මෙතෙක්ගුවන් නියමුවා හෝ ඔහුගේ නියෝජිතයා ගුවන් ගමන් කාර්යාලයට පැමිණ ලබා දුන් වාර්තාවඅන්තර්ජාලය ඔස්සේ අදාල පාර්ශවකරුවන් වෙත ලබා දීමටමෙම නව සේවාව ඔස්සේ ක්ෂණිකව සිදු කල හැකි බව කටුනායක ගුවන් තොටුපලේ ගඟන නාවික තොරතුරු සේවා ඒකකය අවධාරණය කරයි.
මෙම නව පරිගණක සේවාව විවෘත කිරීමෙන් අනතුරුව එම උත්සව අවස්ථාව ඇමතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ( ICAO) සංවිධානය නිර්දේශ කර ඇති පරිදි ශ්‍රී ලංකාවට අයත් ගුවන් පථය තුල පසුගිය කාල පරිච්ඡේදයේ සිදු කල ගුවන් මෙහෙයුම් කටයුතු ඉතාමත් සුරක්ෂිත තාවයකින් සිදු කර ඇති බවයි. ඒ අනුව අග්නිදිග ආසියාවේ
හොදම ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා ලකුණු 92 ක් ලබා ගනිමින් ( ICAO ) සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති බවද පැවසීය.
මෙම සුවිශේෂී ස්ථානය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවාව, තාක්ෂණික වශයෙන් ඉතා ඉහල ස්ථානයකට ගෙන ඒමට නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමත්, මෙම සේවාවේ නියුතු වෘත්තිකයන්ගේ දැනුම හා කැපවීම හේතු වූ බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය .
මෙම අවස්ථාවට ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධීකාරියේ සභාපති ජී.එස්. විතානගේ , අධ්‍යක්‍ෂක ජෙනරාල් පී.කේ. ජයකාන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.