Tuesday, May 6, 2025
Home » ඉක්මණින් ණය මුදලක් ලබා ගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න

ඉක්මණින් ණය මුදලක් ලබා ගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න

by yasara
October 11, 2023 10:30 am 0 comment

OnCredit පෞද්ගලික සමාගම මෙරට ක්‍රියාත්මක කෙටි කාලීන මාර්ග ගත ණය ලබා දෙන ප්‍රමුඛතම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එමගින් මෙරට සෑම තරාතිරමක ම ජනතාව වෙත ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමේ පහසුව උදා කර දෙයි.

OnCredit ගනුදෙනුකරුවන්ට සරල මාර්ග ගත පියවර 5 ක් සම්පූර්ණ කිරීමෙන් ඉතා ඉක්මණින් ණය මුදලක් ලබා ගත හැකි අතර, එහි දී දින 5 සිට 30 දක්වා කාලසීමාවකින් ආපසු ගෙවීම සඳහා උපරිමය රුපියල් 100,000 ක් දක්වා ලබා ගත හැකි වේ. ගනුදෙනුකරුවා ඉදිරිපත් කරන අයදුම්පත තහවුරු කිරීමේ ක්‍රියාවලියෙන් පසු පැය කිහිපයක් ඇතුළත අදාළ ණය මුදල ගනුදෙනුකරුවාගේ ගිණුමට ම බැර වීම OnCredit සේවාවේ ඇති විශේෂත්වයයි.

ණය ඉල්ලුම් කරන ගනුදෙනුකරුවා විසින් දත්ත සහ විස්තර නිසි ලෙස සැපයීම මගින් OnCredit කාර්ය මණ්ඩලයට එම අයදුම්පත්‍රයට අදාළ ඉදිරි ක්‍රියාවලිය කාර්යක්ෂම ව කර ගෙන යාමේ හැකියාව ලබා දෙන අතර, එහි දී ණය ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ආදායම, නියමයන් සහ කොන්දේසි වලට අනුකූල වීම සහ ණය මුදල ලබා ගන්නා අරමුණ ආදී තොරතුරු ණය මුදල අනුමත වීම සඳහා බලපාන ප්‍රධානතම කරුණු ලෙස දැක්විය හැකි ය.

 

ණය මුදලක් ලබා ගන්නා ගනුදෙනු කරුවන් ණය කොන්දේසි, ලැබුණු මුදල් ප්‍රමාණය සහ අතිරේක ගෙවීම් ආදී කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වේ. එහි දී අදාළ දිනට ණය ආපසු නො ගෙවීම ප්‍රමාද ගාස්තු ගෙවීමට හේතුවක් විය හැකිය. එමෙන් ම ගනුදෙනුකරුවන්ගේ වැඩි පහසුව උදෙසා ස්වයංක්‍රීය ව මුදල් මාරු කිරීම, මුදල් මගින් ගෙවීම ඇතුළු ව ආපසු ගෙවීමේ විකල්ප කිහිපයක් හඳුන්වා දීමට OnCredit කටයුතු කර තිබේ.

 

ණය ලබා ගන්නා යම් ගනුදෙනුකරුවෙකු සිතා මතා ණය ආපසු ගෙවීම පැහැර හැරියහොත් තෙවන පාර්ශ්වීය ණය එකතු කිරීමේ ආයතන හෝ සමථ මණ්ඩලය මගින් මෙන් ම සුළු හිමිකම් අධිකරණ පණත ප්‍රකාරව නීතිමය පියවර ගනු ලබන බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

OnCredit ලබා දෙන කෙටි කාලීන ණය මුදල්වලට සමගාමී ව ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂාව ද තහවුරු කරයි. එමෙන් ම අන්තර්ජාලය භාවිත කරන ගනුදෙනුකරුවන්ට OnCredit ණය මුදලක් ස්මාර්ට් ජංගම දුරකථනයක් මාර්ගයෙන් පවා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

OnCredit පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා  www.oncredit.lk වෙබ්අඩවියට පිවිසෙන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT