Home » ‘එක් තීරයක් එක් මාවතක්’ජයග්‍රහණ පිළිබඳ ධවල පත්‍රිකාවක්

‘එක් තීරයක් එක් මාවතක්’ජයග්‍රහණ පිළිබඳ ධවල පත්‍රිකාවක්

by chanaka
October 11, 2023 8:51 am 0 comment

‘එක් තීරයක් එක් මාවතක්’ඒකාබද්ධ ඉදිකිරීම් -පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ දැවැන්ත ක්‍රියාවලිය” නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් ඊයේ(10) එය නිකුත් කරනු ලැබීය.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය  කේන්ද්‍ර කරගත් මෙම ධවල පත්‍රිකාව මගින් ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ ඓතිහාසික මූලාරම්භය, සංකල්පීය දැක්ම, ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගික ජයග්‍රහණ සහ ගෝලීය වැදගත්කම ක්‍රමානුකූලව විස්තර කෙරේ.

ඉකුත් දශකයේ දී‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ අත් කර ගත් ඵලදායී ප්‍රතිඵල මෙහි පුළුල් ලෙස විග්‍රහ කර ඇත. එම වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කරමින් සෙසු රටවල් සමඟ එක්ව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ චීනයේ ඉදිරි දැක්ම හා ක්‍රියාමාර්ග ද මෙමගින් පැහැදිලි කෙරේ.

මෙම ධවල පත්‍රිකාව චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු, ජර්මන්, ස්පාඤ්ඤ, අරාබි හා ජපන් යන භාෂා 8 න් ප්‍රකාශයට පත් කර චීනය පුරා බෙදා හැර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT