Home » ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රබල භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රබල භූකම්පනයක්

by chanaka
October 11, 2023 9:22 am 0 comment

බටහිර ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගියේය. එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇත.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව සඳහන් වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT