Home » චීන බෞද්ධ ගිහි පැවිදි දූත පිරිසක් මෙරටට

චීන බෞද්ධ ගිහි පැවිදි දූත පිරිසක් මෙරටට

by mahesh
October 11, 2023 1:00 am 0 comment

කටුනායක - ටී. කේ. ජී. කපිල

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන ‘සම්මාන ගෞරව නාමය’ පිළිගැනීම සඳහා චීනයේ ෆූසෝ (Fuzshou) පළාතේ බාඕලින් (Baolin)විහාරස්ථානයේ ෂී වූ යෑන් ( She Wu Yan ) නායක හිමියන් ඇතුළු 140 දෙනකුගෙන් යුතු බෞද්ධ ගිහි පැවිදි දූත පිරිසක් පෙරේදා (09) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

මේ බාඕලින් බෞද්ධ විහාරස්ථානය වසර 1,200ක් පැරණි මහායාන සෙන් විහාරයකි. මේ සම්මාන ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේදී මේ මස 15 වැනිදා සවස පැවැත්වීමට නියමිතය.

මේ බෞද්ධ දූත පිරිසට භික්ෂූන් වහන්සේලා 08 දෙනකු සහ ගිහි නියෝජිතයන් 132 දෙනකු පැමිණ සිටියහ. ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ එම විහාරස්ථානවලට සම්බන්ධ ශ්‍රී ලාංකික සහ මෙරට වෙසෙන චීන ජාතිකයන් පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT