Home » ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති YouTube Trending ආක්‍රමණය කරයි

ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති YouTube Trending ආක්‍රමණය කරයි

by mahesh
October 11, 2023 1:00 am 0 comment

ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති මේ වනවිට යූ ටියුබ් වෙත යොමු කර තිබෙන අතර එහි වැඩිම අවධානයක් යොමු කරගත් අංග පෙළගැස්වෙන Trending ශ්‍රේණිගත කිරීමේ තුන්වන, නමවන සහ එකොළොස් වන ස්ථාන ප්‍රවෘත්ති විශේෂාංග සඳහා වාර්තා කර තිබේ.

ඊශ්‍රායල ආක්‍රමණය පිළිබඳ ප්‍රවෘත්තිය මේ වනවිට ලක්ෂ 4කට වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා ඇත.

ඊට අමතරව කොල්ලුපිටියේ සිදු වූ බස් අනතුර මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය ද වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබේ. Trending ශ්‍රේණිගත කිරීම අනුව ප්‍රවෘත්ති අංග 03ක් මෙලෙස ශ්‍රේණිගත වීම විශේෂත්වය වන්නේ මේ ශ්‍රේණිගත කිරීමට, ටෙලිනාට්‍ය, ගීත, ප්‍රචාරක පටි සියල්ල ද ඇතුළත්ව තිබීමයි.

තොරතුරු දැනගැනීම සඳහා ජනතාවගේ ඇති කුතුහලය මෙයින් මනාව ප්‍රකට වන අතර ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති සඳහා ජනතාවගේ ඇති විශ්වසනීයත්වය ද මෙමඟින් නැවත වරක් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ඩිජිටල් වාර්තාකරණය පිළිබඳ දක්වන අවධානයේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රවණතාව අත්කර ගැනීමට රූපවාහිනි ප්‍රවෘත්ති අංශයට හැකියාව උදාවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT