Home » පිටරට වෛද්‍ය උපාධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක්

පිටරට වෛද්‍ය උපාධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක්

by mahesh
October 11, 2023 1:12 am 0 comment

නුවන් කොඩිකාර

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් වූ යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද මීට පසුගිය 02 වනදා පැවැති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT