Home » බේරුවල හෙට්ටිමුල්ලේ කතක ඝාතනය කර පැනගොස් සිටි මෙහෙකරු අත්අඩංගුවට

බේරුවල හෙට්ටිමුල්ලේ කතක ඝාතනය කර පැනගොස් සිටි මෙහෙකරු අත්අඩංගුවට

by mahesh
October 11, 2023 1:00 am 0 comment

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වදකහවෙල ප්‍රදේශයේ නි‍ෙවසක මෙහෙකරු සමඟ වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනය කර ඉකුත් 7 දින පැනගොස් සිටි නි‍ෙවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (10) පස්වරුවේ පැවසීය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, ගාලු පාර හෙට්ටිමුල්ල වදකහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පාලමුනිශාන්ති ඇලෙක්සැන්ඩ්‍රා ජයසිංහ (75) නමැති විවාහක කාන්තාවක් බව පොලිසිය කීය.

මෙම නි‍ෙවසේ මෙහෙකරු වෘත්තියේ නියුතු කම්කරු පුද්ගලයා පසුගිය හත්වන දින හතරක නිවාඩුවට බළන්ගොඩ, විකිලියවත්ත ඔහුගේ ගමට ගොස් එදින සවස මෙම නි‍ෙවසට නැවත සේවයට පැමිණ තිබෙන අතර එහිදී නි‍ෙවසේ හිමිකාරිය සමඟ ඇති වූ බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බව සැකකරු පොලිසියට පාපෝච්චාරණය කර තිබෙන බව විමර්ශන සිදු කරන පොලිසිය කීය.

ඝාතනය සිදු වූ මෙම නි‍ෙවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ද එම ඝාතනය සිදුව ඇතැයි කියන 7 දින ක්‍රියාත්මක වී නැතැයි ද පොලිසිය කීය.

මෙහෙකරු මෙම ඝාතනය සිදු කළ මොහොතේම නි‍ෙවසින් පලාගොස් ඇති අතර, නි‍ෙවසේ තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සැකකාර ඝාතකයා නි‍ෙවසින් පිටව යන අවස්ථාවේ රැගෙන ගොස් ඇතැයි පරීක්ෂණ සිදු කරන බේරුවල පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සැකකරු නැවතත් බළන්ගොඩ ප්‍රදේශයට ගොස් පසුදින කොළඹ මිරිහාන ප්‍රදේශයේ ඥාති නි‍ෙවසකට පැමිණෙමින් සිටියදී සැකකරුගේ හැසිරීම් පිළිබඳ සැක සිතී මිරිහාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බේරුවල පොලිස් නිලධාරීන් වෙත භාර දී තිබේ.

සැකකරු මෙයට මාස හතරකට පෙර හිතවතෙකු මාර්ගයෙන් මෙම නි‍ෙවසේ සේවයට එක් කර ඇති බව මරණකාරියගේ ඥාති පුත්‍රයෙකු වන ජනිත් ද සිල්වා මහතා පොලිසියට පවසා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT