Tuesday, May 13, 2025
Home » කොස්ගොල්ල කැලයේ දිය බීමට එන වන සතුන්ට විදුලි උගු ල් කම්බි අටවා රිමාන්ඩ්

කොස්ගොල්ල කැලයේ දිය බීමට එන වන සතුන්ට විදුලි උගු ල් කම්බි අටවා රිමාන්ඩ්

by mahesh
October 11, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

මීරිගම හල්පෙ නරියමුල්ල කොස්ගොල්ල රක්ෂිතයේ දිය බීමට එන වන සතුන් දඩයම් කිරීම සඳහා විදුලි බලය සහිත කම්බි ඇද පැන ගොස් සිටි සැකකරුවෙකු මේ මස 12 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (10) පස්වරුවේ නියෝග කළේය.

හල්පෙ නරියමුල්ල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් පුෂ්පකුමාර විජේසේකර (38) නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

මීරිගම පොලිසියේ පොලිස් කොස්තාපල් ආර්.ඇම්.සී.ඩබ්ලිව්. බණ්ඩාර (39038) මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු පසුගිය සැප්තැම්බර් මස 10 වැනිදා පස්වරුවේ කසිප්පු වැටලීමක් සඳහා කොස්ගොල්ල රක්ෂිතයට ගිය අවස්ථාවේදී පාරක් ආසන්නයේ විදුලි බලය සහිත කම්බි ඇද ඇති අයුරු දැකීමෙන් පසුව ඒ ආසන්නයේම ඇති නි‍ෙවස වෙත ගිය අවස්ථාවේ එම නි‍ෙවසේ සිට විදුලි බලය ලබාගෙන ඇති බවට හෙළිවීමෙන් අනතුරුව එහි පදිංචි සැකකරුගෙන් ප්‍රකාශයක් ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු පැන ගිය බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

මොහු මාසයකට ආසන්න කාලයක් බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන ගොස් සිට නැවත නි‍ෙවසට පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් පෙරේදා (09) පස්වරුවේ එම නි‍ෙවස වටලා සෝදිසි කිරීමේදී එහි සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT