234
බුදුන් වහන්සේගේ පා පහස ලද දීඝවාපී පිං බිමේ ප්‍රතිසංස්කරණය කෙරෙන මහ සෑරජුන්ගේ තැන්පත් කෙරෙන ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක බලාගෙන වන්දනා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.
ඒ අනුව කහව සමරසීහ මන්තින්දාරාම විහාරස්ථානයේදී ප්‍රදේශයේ විශාල පිරිසකට එම වාසනාවන්ත අවස්ථාව උදා විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබෙනතෙක් පෙළ ගැසී සිටි පිරිසෙන් කොටසකි.