Tuesday, May 6, 2025
Home » ආසියානු ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම දිවයිනට

ආසියානු ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම දිවයිනට

by chanaka
October 11, 2023 9:56 am 0 comment

චීනයේ හැංජො හී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (10) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් , වළළ ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන් , ආදී ශිෂ්‍යයන් , ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මෙහිදී වඩාත් අවධානයට ලක්වූයේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා දිවයිනට පැමිණි තරුෂි කරුණාරත්න වෙතය.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න සමත්විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT