Home » ඇස් රෝගය එන්නේ වයිරස් උණෙන්

ඇස් රෝගය එන්නේ වයිරස් උණෙන්

by sachintha
October 12, 2023 1:05 am 0 comment

මේ දිනයන්හි දරුවන් අතර පැතිරෙන ඇස් රතු වීමේ වයිරසය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හදන වයිරසය නිසා බෝ වන්නක් විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිනමිණ’ට ඊයේ (11) පැවසීය.

එසේ නැතිනම් එය වෙනත් වයිරසයක් ද විය හැකි බව පැවසූ ඒ මහතා, අපිරිසුදු දෑතින් දෑස් ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් වයිරසය පැතිරීම වළක්වාගත හැකි බව ද කීවේය.

කාලයෙන් කාලයට ඇස් රෝග පැතිරෙන බවත් වයිරස් උණ සමඟ පැතිරෙන ඇස් රෝග පවතින බවත් ඒ මහතා පැවසුවේය.
ඇස් රතු වීම, කබ ගැලීම, ඇසේ වේදනාව ලෙස රෝග ලක්ෂණ මතු විය හැකි බව ද හෙතෙම පැවසීය.

මෙම ඇස් රෝගය වයිරසයක් නිසා ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර දින පහකට වඩා මේ රෝගය පැවතුණහොත් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

අත් දෙක සබන් දමා සේදිය යුතු අතර අපිරිසුදු ඈතින් ඇස් ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඉතා පහසුවෙන් මේ වයිරසය බෝ විය හැකි බවත් ඒ මහතා පැවසුවේය.

දරුවකුට ඇස් රෝගය පවතින්නේ නම් එය සුවපත් වන තෙක් නිවෙසෙහි තබාගත යුතු අතර පාසල් නොයවා සිටීමට මවුපියන් සැලකිලිමත් විය යුතු බව ද ඒ මහතා පැවසීය.
සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT