දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කිලෝමීටර් 102 වැලිපැන්න ප්‍රදේශයේ ඊයේ රාත්‍රි 8.10ට නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.ඊ.එස්. වීරකෝන් මහතා පැවසීය. පළමුව නාය ගිය කොටසේ ගසක් ඉවත් කරමින් සිටි STF සෙබළු මතට නැවත පස් කන්දක් කඩා වැටීමෙන් 4 දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. කොට්ටාව දෙස සිට හම්බන්තොට දක්වා යාමට අවශ්‍ය පුද්ගලයන් පින්නදුව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත් හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන රියදුරන් ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් යළි පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
දක්ෂිණ අධිවේගය වැලිපැන්නෙන් නාය යයි
ගසක් ඉවත් කරන්න ගිය STF සෙබළු මතට පස් කඩා වැටී 4ක් කරාපිටිය රෝහලට
by thanushika
October 12, 2023 1:04 am
0 comment
බණ්ඩාරගම බිමල් ජයසිංහ සහ ගාල්ල දිසා සමූහ-නන්දසිරි වැලිගමගේ
429