Home » ආරම්භයට නැති වුවත් ඉන්දු-පාකිස්තාන තරගයට සමාරම්භක උලෙළක්

ආරම්භයට නැති වුවත් ඉන්දු-පාකිස්තාන තරගයට සමාරම්භක උලෙළක්

by sachintha
October 12, 2023 1:02 am 0 comment

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ 14 වැනිදා අහමදාබාද්හි නුවරදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයට පෙර සමාරම්භක උලෙළක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට පැය 24කට පෙර එහි සමාරම්භක උලෙළ අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කළ පසු පසුබිමක මෙලෙස ඉන්දු-පාකිස්තාන තරගයට පෙර උත්කර්ෂවත් සංගීත උත්සවයක් පැවැත්වීම විශේෂත්වයක් වී තිබේ.

තරගාවලියේ සමාරම්භයේ පැවැත්වෙන උලෙළ ආරක්ෂක හේතු මත අවලංගු කළ බව ඉන්දියාව පවසා තිබිණි.

කෙසේ වෙතත් මේ උත්සවයට ඉන්දියාව විසින් ලබාදුන් රන් ටිකට්පත් හිමියන් ද එක්වනු ඇති අතර, එදින දහවල් 12.40ට බොලිවුඩ් තරු එක්වන උත්සවය ආරම්භ වන අතර, 1.10ට එය අවසන් වීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ගෝලීය තානාපති, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්, ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු වන අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත්ට රන් ටිකට්පත් පිරිනැමීමට කටයුතු කර තිබිණි. ඔවුන් සමඟ ඉන්දීය සුපිරි ගායකයකු වන අරිජිත් සිං එක්වන අතර, ඔහු සිය ගායනයෙන් මේ උත්සවය වර්ණවත් කරනු ඇත.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ 14 වැනිදා පැවැත්වෙන තරගයට ඉහළ ආරක්ෂාවක් සැපයීමට ද ඉන්දියාව කටයුතු කර තිබෙන අතර, ඊට 11,000කට අධික පිරිසක් යෙදවීමට ද කටයුතු කර ඇත.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT