එක්දින ලෝක කුසලාන මාධ්‍ය ආවරණය කිරීමේ අරමුණින් ඉන්දියාවට පැමිණ හදිසියේම ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති පාකිස්තාන රූපවාහිනී නිවේදිකා සයිනාබ් අබ්බාස්ට පාකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් ඇයගේ සීමාවන් ඉක්මවා යාම පිළිබඳව තරවටු කර ඇත.
“සයිනාබ් ඔබ යමක් කීමට පෙර සිතන්න, කට වැඩියි. ඔබේ සීමාවන් ඉක්මවා යාමට උත්සාහ නොකරන්න” බාබර් ඇයට අවවාදකොට ඇත.
නවසීලන්තයට එරෙහිව මෙයට පෙර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී බබාර් අසාම් ශතකයක් වාර්තා කළ අතර, සයිනාබ් අබ්බාස් විසින් එවකට පුහුණුකරු මිකී ආතර්ගේ ‘පුතා’ ලෙස බාබර් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළාය. අතාර් හා බාබර් අතර සමීප සම්බන්ධතාවයක් පෙනෙනසේ කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් නායකයා ප්‍රතිචාර දක්වා තිබේ. බබාර් එය හුදු විහිළුවක් ලෙස සලකා නැත.
ඉන්දීය විරෝධී සහ හින්දු විරෝධී ප්‍රකාශ කිරීම හේතුවෙන් මේ දිනවල ප්‍රශ්න රැසකට මුහුණදී සිටින සයිනාබ් අබ්බාස්ට එරෙහි කෝපය සමාජ මාධ්‍ය තුළ කුණාටුවක් අවුලුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේය. මේ හේතුවෙන් ඇය ජීවිතාරක්ෂාව පතා ඩුබායි වෙත ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
ප්‍රින්ස් ගුණසේකර