Home » නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් යළි ගංවතුර
දෙණියාය-මොරවක-පිටබැද්දර-අකුරැස්ස යටවෙයි

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් යළි ගංවතුර

by mahesh
October 13, 2023 1:00 am 0 comment

අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු

දෙණියාය, මොරවක, පිටබැද්දර, අකුරැස්ස ප්‍රදේශවලට පෙරේදා (11) ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් නැවත ගංවතුර තත්ත්වයක් මතු වී ඇත.

පානදුගම ජල මාපකය ඊයේ (12) උදේ 10.30 වන විට 6.92ක් ලෙස දර්ශනය වන අතර පිටාර මට්ටම 6.40කි. අකුරැස්ස – අතුරලිය – කද්දුව – මාලිම්බඩ – කඹුරුපිටිය – බංගම – සියඹලාගොඩ – මාකඳුර – දෙදියගල ආදි මාර්ග සියල්ල ජලයෙන් යට වී තිබේ. සියලු ගමනාගමන කටයුතු ඇනහිට තිබේ. මගී බස් රථ ධාවනය නොවන අතර වෙනත් රථ වාහන අතුරු කැලෑබද මාර්ගවලින් ගමන් කරනු ලැබේ.

අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගයේද පරදුව ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබේ. පස් කඳු කඩා වැටීම් ද තැනින් තැන සිදු වන බව වාර්තා වේ.

අතුරලිය ප්‍රදේශයේ ගංවතුරින් කොටු වී සිටින පවුල් සඳහා ආහාර පිළියෙල කරමින් අවශ්‍ය ස්ථානවලට බෙදා හැරීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ලැබී ඇතැයි අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ සඳහන් කරන අතර සියලු සංවිධාන කටයුතු අතුරලිය ආපදා සහන සේවා නිලධාරී තීක්ෂණ වික්‍රමරත්න විසින් කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT