නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.
කෙසේවෙතත් තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බවයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සිදුකරන පරීක්ෂාවෙන් පසු ලබාදෙන නිර්දේශ මත ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කරන බවයි.
පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ පෙරේදා රාත්‍රියේ නාය යෑමක් සිදුවිය. ඒ, මාතර සිට කොළඹ දෙසට රථවාහන ධාවනය වන මංතීරුවට ඉහළින් පිහිටි පස් කන්දය.
පස්කන්ද කඩාවැටීමෙන් මංතීරු 4 ම සම්පූර්ණයෙන් අවහිර වූ අතර, ඉමදූව සිට පින්නදූව දක්වා ගමනාගාමනය සම්පූර්ණයෙන් නවතා දැමුණි