Home » චමරි අතපත්තුට ICCයෙන් තැනක්

චමරි අතපත්තුට ICCයෙන් තැනක්

by chanaka
October 13, 2023 4:07 pm 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් සහ නෙඩීන් ඩි කල්ර්ක් පරදවා 33 හැවිරිදි චමරි අතපත්තු ICC සැප්තැම්බර් මස ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට පාත්‍ර වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරයි.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුසලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බව සඳහන් වේ.

එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT