Saturday, May 3, 2025
Home » රජයේ වෛද්‍ය නිල­ධා­රී­න්ගෙන් ජන­ප­තිට යෝජ­නා­ව­ලි­යක්

රජයේ වෛද්‍ය නිල­ධා­රී­න්ගෙන් ජන­ප­තිට යෝජ­නා­ව­ලි­යක්

by Gayan Abeykoon
October 14, 2023 1:00 am 0 comment

ශිරෝමි අබ­ය­සිංහ

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට දිය හැකි විසඳුම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධන ඇතුළු කරුණු 8කින් යුත් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (13) භාර දෙනු ලැබූ අයුරු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී මේ යෝජනාවලිය භාර දෙනු ලැබිණි. සිය චීන නිල සංචාරය නිම කොට නැවත පැමිණිමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමු වී ඒ කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, හිටපු ඇමැති රවී කරුණානායක මහත්වරුන්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපති වෛද්‍ය චන්දික එපිටකටුව යන මහත්වරු සහ සංගමයේ නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT