2023 ඔක්තෝබර් 3 කොළඹදී – දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍යය අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz Group විසින් සත්කාරකත්වය ලබා දුන් 2023 දකුණු ආසියානු ඊ- වාණිජ්‍යය සමුළුව දින දෙකක් පුරා පැවැත්විණි. දාර්ශනිකයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය යන රටවල ව්‍යවසායකයන්ගේ සංසදයකින් මෙය සමන්විත විය. ඔවුන් සියලු දෙනා එක්ව ඊ-වාණිජ්‍යයේ දැවැන්ත හැකියාවන් ගවේෂණය කළ අතර මෙම ඩිජිටල් විප්ලවය මෙහෙය වීමේදී කාන්තාවන් ඉටු කරන ප්‍රධාන භූමිකාව සමරන ලදි.
ඊ-වාණිජ්‍යය සම්මත කර ගැනීම වේගවත් කිරීම සහ රටවල් අතර ඩිජිටල් බෙදීම් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කළ සාකච්ඡා සහ තීක්ෂණ බුද්ධිය සහිත ඉදිරිපත් කිරීම් මඟින් දකුණු ආසියා ඊ-වාණිජ්‍යය සමුළුව සාර්ථක විය. මෙහි ප්‍රධාන මාතෘකා වූයේ දේශසීමා ඊ-වාණිජ්‍යය සඳහා උපාය මාර්ග, ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, සමාජ බලපෑම සඳහා තාක්ෂණය උපයෝගි කර ගැනීම සහ ප්‍රතිපත්ති රාමු තුළ සැරිසැරීමයි. මීට අමතරව දාර්ශනික නායකයන් ඊ-වාණිජ්‍යය අංශය ඉදිරියට ගෙනයාමේදී ඇතුළත්වීම, තිරසරභාවය, පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම්වල වටිනාකම පිළිබඳ අවධාරණය කෙරිණි.
සමුළුවේ සමාප්තිය පිළිබඳව අදහස් දක්වමින් අග්නිදිග ආසියාවේ Google ආයතනයේ කාර්ය සාධන පිළිබඳ විසඳුම් ප්‍රධානී ෂබානා බදාමි සඳහන් කළේ, “Daraz විසින් සංවිධාන කළ ඊ-වාණිජ්‍යය සමුළුව අමතන්නට මට අවස්ථාව ලැබුණු දෙවැනි වසර මෙයයි. අද සමාජයේ ජනතාව සිය කටයුතු කරමින් සිටින කෘත්‍රිම බුද්ධිය සහිත දැවැන්ත තාක්ෂණයක් ගැන සාකච්ඡා කිරීමට මෙය හොඳ අවස්ථාවක්. AI සමඟින් කාන්තාවන්ට හා ඊ – වාණිජ්‍යයට නව මෙන්ම සුවිශේෂී අවස්ථා රැසක් පවතියි’’ යනුවෙනි.
ඊ-වාණිජ්‍යය පද්ධතියේ ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය දැනුම හා මෙවලම් ලබා ගැනීම සඳහා ව්‍යවසායකයන් හා සුළු ව්‍යාපාරවලට වැදගත් අඩිතාලමක් ලෙස මෙම සමුළුව කැපී පෙනිණි. වැදගත් සාකච්ඡා හා ප්‍රධාන පන්ති (Masterclasses) පිරිනැමීමෙන් ඩිජිටල් වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ඇතිකර ගැනීමට උත්සාහ කරන පිරිස සඳහා මෙය අමිල මෙහෙවරක් ඉටු කළ සමුළුවක් ලෙස හැඳින්විය හැකියි. ආරම්භක හා කුඩා ව්‍යවසායකයන්ට පමණක් නොව තරගකාරී ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන්නන්ටද මෙය විශේෂිත විය.