Home » කළු­තර අප­රාධ අංශයේ හිටපු කොස්තා­පල්ට පහ­ර­දීලා: සැක­ක­රු­වන් අල්ලන්න මෙහෙ­යු­මක්

කළු­තර අප­රාධ අංශයේ හිටපු කොස්තා­පල්ට පහ­ර­දීලා: සැක­ක­රු­වන් අල්ලන්න මෙහෙ­යු­මක්

by Gayan Abeykoon
October 14, 2023 1:00 am 0 comment

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක / අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

රාත්‍රී කෑම පාර්සලයක් මිලදී ගැනීම සඳහා පෙරේදා (12) රාත්‍රී කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල්වරයකුට ත්‍රිරෝද රථයක සිටි පිරිසක් පහරදී ඇත.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පැවසීය.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පයාගල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා මීට පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කර ඇති බවත්, එම කාලය තුළදී ඇතිකරගෙන ඇති අමනාපයක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවත් සඳහන්ය.

පැමිණිලිකාර කොස්තාපල්වරයා කළුතර, කිතුලාව ප්‍රදේශයේ සිය හිතවතෙකුගේ නි‍ෙවසකට පැමිණ සිටියදී රාත්‍රී ආහාර පාර්සලයක් ලබාගැනීමට අවන්හලට පැමිණ සිටියදී ත්‍රිරෝද රථයක සිටි පිරිස පහරදී තිබේ.

හෝටලය සහ ඒ අවට ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පොලිසිය සඳහන් කරයි.

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT