ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය ගැටලුව සමනය කිරීමට රු. කෝටි 388,800ක (ඇ.ඩො. බිලියන 12ක) ණය මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කිරීමට විදේශයන්හි සිටින ශ්‍රී ලංකාවට ණය දුන් දේශීය පෞද්ගලික ණය හිමියන් පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සවියක් වෙමින් ණය ප්‍රතිව්‍යූගතකරණය කිරීමට ඒ දේශීය පෞද්ගලික ණය හිමියන් ඉදිරිපත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් වන යෝජනාව දැනටමත් ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇත. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම එහි වාරික පියවීම, ඒ සම්බන්ධයෙන් ගත කරන කාලය ආදි කරුණු අදාළ යෝජනාවේ සඳහන් කර තිබෙන අතර, මිලියන 22ක් ජීවත් වන ශ්‍රී ලංකාව 1948 වසරේ නිදහස ලබාගත් දිනයේ සිට මුහුණ දෙන දරුණුතම ආර්ථික හා මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින බවද ඒ දේශීය පෞද්ගලික ණය හිමියෝ පෙන්වා දෙති.
කෙසේ වුවද රටේ පැවැති තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය 2022 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළ අතර එම දේශීය පෞද්ගලික ණය හිමියන් යොමු කළ යෝජනාවට අනුව ප්‍රාග්ධනය සහ පොලිය සම්බන්ධයෙන්ද කරුණු දක්වා ඇත. නව උපකරණ දර්ශක සුදුසුකම් සහතික කිරීම සඳහා මැක්රෝ සම්බන්ධිත බැඳුම්කර ඇතුළත් කර ඇති බව පෙන්වා දෙන අදාළ යෝජනාව දර්ශකය ඇතුළත් බැඳුම්කර වැඩි ද්‍රවශීලතාවක් ඇති බවද පෙන්වා ඔවුහු දෙති.
පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාව ගත් ඩොලර් බිලියන 2.9කට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීමේ කොන්දේසි යටතේ, බැඳුම්කර හිමියන්ගේ සහ චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සහතිකයක් දිය යුතු වන අතර, ඒ සඳහා මේ යෝජනාව ශ්‍රී ලංකාවට තීරණාත්මක පියවරක් වෙයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීමකදී පියවරෙන් පියවර බැඳුම්කර භාවිත කරන පළමු අවස්ථාව මෙය වනු ඇති අතර, අදාළ යෝජනාවේ පිටපතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ පැරිස් සමාජ ලේකම් කාර්යාලයටද යොමු කර ඇත.